Saturday, June 6, 2015

රැග් එක.....


කාපු රැග් ටික මතක් වෙනකොට
දැනේ අපි අද විඳින නිදහස
සින්න සින්නිට බයේ අපි හැම
හිටිය මතකයි ඒ දවස් වල 

බයේ ඉඳලා ගොනුත් කෙටුවා
මරිසි ගැහුවා බැරිම වෙනකොට
හිතින් බැන බැන සින්නො හැමටම
ගෙවා දැම්මා ඒ දවස් ටික

කරත් වැරදියි නැතත් වැරදියි
බැනුම් විතරයි අපට තිබුනෙම
පූරුවේ පව් තමයි මේ නම්
විදෙව්වා අපි හදාගෙන හිත

ගුටිත් කාලා බකට් නෑවා
දුන්න වෙල්කම් එකක් සුපිරිම
අතට අතදී බදාගෙන අපි
ඉවර කෙරුවා පරණ කෝන්තර

Batch එකක් වෙලා අපි දැන්
ඉන්නෙ සතුටින් සමගියෙන්
දුන්නු ඔවදන් නිසාමයි
සින්නො අපේ දඹ රත්තරං



No comments:

Post a Comment