Thursday, October 9, 2014

ලෝක ළමා දිනය දවසකට පමණක් සීමා විය යුතුද?????????????

ලෝක ළමා දිනේ පහුවෙලා ටික දවසක් උනත් මට මේ දේ ගැනත් පොඩ්ඩක් කියන්න හිතුනා.
සෑම වසරකම ඔක්තෝම්බර් පළමු වැනි දිනට යෙදී ඇති ලෝක ළමා දිනය බොහෝ විට පාසල් හා නොයෙකුත් ළමුන් සම්බන්ද ආයතන විසින් බොහොම උත්සවත්ශ්‍රීයෙන් සමරන්න යෙදෙනවා. එක අත්හටම හොඳ දෙයක් නමුත් ලෝක ළමා දිනය නැත්නම් ළමයින්ගේ දවස ඇත්තටම ළමයින් වෙනුවෙන් අවුරුද්දකට තියන දවස් 365න් නැත්නම් 366න් තියෙන්නේ එහෙම නැත්නම් එයාලට සලකන්න ඕනෙ 1 දවසද කියන ප්‍රශ්නේ මහා ලොකුවට මගේ හිතට දැනෙන දෙයක්. අයි අනිත් දවස් 364 නැත්නම් 365 ළමයි ළමයි නෙවෙයිද? වැඩිහිටියන්ගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරන්න හදල තියන සෙල්ලම් බඩුද? අද ලෝකේ ජීවත් වෙන දෙමවුපියන් තමන්ගේ ළමය ගැන දරන ආකල්පය මොන වගේද කියල හිතුවොත් 75% කටත් වැඩ වැඩි දෙනෙක් අයිති වෙන්නේ මන් ඉස්සල්ල කියපු දේට නේද කියල හොඳට කල්පනා කරලා බැලුවොත් තේරේවි.
බොහොමයක් දෙමවුපියෝ තමන්ගේ දරුවට අවශ්‍ය උවමන එපාකම් ඉෂ්ට කරාම හිතන්නෙ දරුවට ඕන හැමදේම හැම යුතුකමම තමන් අතින් ඉෂ්ට උනා කියල. ඇතටම ඒ දේ එහෙමද? නැත්නම් මීට වඩා දේවල් අදාල වෙන්න ඕනෙද? මට හිතෙන මන් දකින විදියටනම් ළමයෙකුගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරන්න දෙමවුපියෝම ඉන්න ඕනෙ නෑනේ, ඕනෑම කෙනෙකුට ඒ දේ කරන්න පුළුවන්. නමුත් ළමයෙකුට අවශ්‍ය ආදරය, සෙනෙහස, කරුණාව, රැකවරණය කියන දේවල් හැමෝටම දෙන්න බෑ.
අද සමාජයේ දකින බොහොම සුලබ දෙයක් තමයි අම්මල තාත්තලා ළමයි ඉල්ලන ඉල්ලන දේ අරන් දුන්නනම් කන්න බොන්න ඉන්න හිටින්න දුන්නනම් ළමයා එයාල කියන දේ කරන්න ඕනෙ එහෙමත් නැත්නම් එයාල බලාපොරොත්තු වෙන විදියටම ළමයා විභාග සමත් වෙන්න ඕනෙ කියන දේ. ඇත්තටම ඒක එහෙම වෙන්න ඕනෙද? අරකියන බාහිර දේවල් විතරක් ඇතිද ළමයට දෙමවුපියන්ගේ ආශාවන් ඉෂ්ට කරන්න? එහෙම හැමෝටම එකම විදියට පුලුවන්නම් මේ ලෝකේ හැමෝම දොස්තරලා, ඉංජිනේරුවෝ, ලෝයර්ස්ල, මැනෙජෙර් වරු වගේ ලොකු ලොකු තනතුරු දරන අයම විතරක් වෙන්න එපාය. ඇයි එහෙම නොවෙන්නෙ? හැමෝගෙම බුද්ධි මට්ටම එකමද?  තමන්ගේ දක්ෂතාවය තියෙන්නේ මේ කියන දේ වලට නැත්නම් අම්මල තාත්තලට ඕනෙ රස්සාවට අනාගතේ යන්න පුළුවන් වෙන්න අදාළ දේවල්ද කරන්න ඕනෙ? තමන්ට පුළුවන් තමන් අස දේ අත ඇරලා තමන් ආස නැති? ඊට පස්සේ විභාගේ කරගන්න බැරි උනාම ලමයව බැනල කියංනපුලුවන් හැමදේම කියල අතරල දන 1ද? "අපේ කලේ මේ වගේ සම්පත් අපිට තිබ්බේ නෙ අපි සෙරප්පු නැතුව ඉස්කෝලෙ ගියේ පයින් අද වගේ ස්කූල් වෑන් ගේ දොරකොඩට එන්නැ අපිට මෙහෙම තිබ්බනම් අපි අද මෙතන නෙවේ" ඔය වදන් ටික බොහොම සුපුරුදුයි නේද? එත් ඒ කලේ වගේද අද? එයට විතරද මේ පහසුකම්? අනිත් යට නෑ? හිතන්න පොඩ්ඩක්. කොතනද වැරදුනේ? ළමය විතරමද වැරදි? 300000 ක් විභාගේ කරලා විශ්ව විද්‍යාල වරම් ලබන්නේ 20000ක් විතර පුංචි ප්‍රමාණයක්. අමතක කරන්න එපා ඒ දේත්. ඒ A/L නෙ o/L එත් එහෙමමයි. ඊටත්වඩාඅර ශිෂ්‍යත්වේ හයක් හතරක් නොතේරෙන පොඩි උන්ට කොච්චර දස වද දෙනවද? එතනින් වෙන්නේ ඉගෙන ගන්න තියෙන ආසව ඇතිවෙන එකද නැත්නම් නැති වෙන එකද?
තව කිවයුතුම දෙයක්, ගොඩක් අම්මලා තාත්තලා කරන දෙයක් තමයි ලමයව office එකේ හෝ නෑදෑ, අහල පහල ළමයි එක්ක සංසන්දනය කරන එක බොහොමයක්ම වෙලාවට තමන්ගේ දරුවාගේ වැරදි කිය කිය අනිත් අයගේ හොඳ වර්ණනා කරන එක. ඒ දෙන එයාල බලාපොරෝත්තුවෙන්නේ තමන්ගේ ළමයත් ඒ විදියට වෙයි කියල එත් එහෙම වෙලා තියනව කවුරු හරි දැකල තියනවද? තමන්ගේ අම්මා තාත්තා ගෙදරදී හරි තව කව හරි ඉස්සරහ තමන්ව විවේචනය කරද්දී ඒ දරුවා කොච්චර මානසිකව කඩාවැටෙනවද? කොච්චර අසරණ වෙනවද? මගේ හැමදේටම ඉන්නෙ අම්මයි තාත්තයි කියන දරුවාගේ හිතේ තියන දේට මොකද වෙන්නෙ? තව දුරටත් එක එහෙම වෙයිද? අම්මා තාත්තා ගැන ආදරයක් තියන ඒ අහිංසක හිතේ තරහක් ඇතිවෙන් නැද්ද? අම්මේ තාත්තේ පොඩ්ඩක් හිතන්න තමන් දුක් මහන්සියෙන් හදන දරුවාටම නේද මේ ගරහන්නේ කියල.
තව දෙයක් තමයි ළමයි ප්‍රේම සම්බන්ධතා වල පැටලෙනවා කියන දේ. මේකේ සම්පුර්ණ වැරැද්ද තියෙන්නේ ළමය අතේද?
ළමයට අවශ්‍ය කරන ආදරය අම්මගෙන් තාත්තාගෙන් පවුලේ අයගෙන් හම්බවෙන් නැත්නම්, තමන් ගැන හොයා බලන්න කවුරුත් නැත්නම්, තමන්ගේ ප්‍රශ්න අම්ම තාත්තා එක්ක කතා කරන්න බැරිනම් ඒ ළමය ඒවාට විසඳුම් හොයන්න නිරායාසයෙන්ම වැරදි පැත්තට යොමුවෙනවා කියන දේ සාමාන්‍ය වගේම සාදාරන දෙයක් නේද? ඇත්තටම බැලුවොත් වැරැද්ද තියෙන්නේ කොතනද? ළමය අතේ විතරද?

හිතන්න පොඩ්ඩක්. ළමයාගේ මානසිකත්වෙන්. අවුරුදු 25ත අඩු හැමෝම ළමයි වගේ තාමත්. සමජෙත් එක්ක පරණ පරම්පරාව වගේ ගනදෙනුකරලා නැ. ප්‍රශ්න වලට මුනදීල නෑ, ඒකාලේ වගේ නෙවේ අත්දැකීම් අඩුයි නේද? ඒ දේ අමතක කරන්න හොඳද?
ළමා දිනය දවසකට පමණක් සීමාවිය යුතු නෙ නේද?????

(අදහස් පැවසීම, විවේචනය කියවන ඔබට භාරයි. මන් වැරදි වෙන්නත් ඇති මන් දකින දේ ගැන පුංචි අදහස් පළකිරීමක් මිසක් කාටවත් බනින්නවත් කාවවත් විවේචනය කරන්නවත් ලියපු දෙයක් නෙවේ)
                            

Saturday, September 13, 2014

කැළේ මැදින් පට්ටිපොලට

හා හා පුරා කියල මුලින්ම ලියන්නයි යන්නේ. මුලින් පම්පෝරි ගැහුවට A/L කාලෙ සුන්දර මතක ගැන ලියන්න හිතන් ඉන්නෙ කියල දැන් ලියන්න යන්නේ නම් ඒ කාලේ සිද්දියක් නම් නෙවේ. ඒ උනාට ඒ කාලෙට පොඩි සම්බන්දෙකුත් නත්හෙම නෑ මොකද මේ කතාවේ ඉන්න අනික් ප්‍රධාන චරිතෙ හොඳම ෆිට් එකක් උනේ ඒ කාලෙනෙ. මේක මේ ඊයේ පෙරේද ගියපු පොඩි ගමනක් ගැන. පොඩි කිව්වට ඉතින් එච්චරම පොඩිත් නෑ මොකද මේක දුර අඩු උනාට ගොඩක් භාදක මැද ගියපු නිසාද කොහෙද අමුතුම ගතියක් තියනව.

මේ කතාවේ අනිත් ප්‍රධාන චරිතෙ තමයි ප්‍රභාත් ඒකනායක නොහොත් "ගබ්බා". මගේ class mate ඒ වගේම බෝඩිමේ මගේ රූමා. A/L කාලෙට සම්බන්ධයක් තියනව කියල මුලින් කිව්වේ එකයි.

මග වැනුම් වැඩිද මන්ද. කොහොම හරි 2/9/2014 මනුස්සය අපේ ගෙදර ආව කම්මැලියි කියල. ආවට පස්සේ මං මනුස්සයව එක්කන් පොඩ්ඩක් ඇවිදින්න ගියා ඒ යන ගමන් මන් පොඩි idea 1ක් දැම්ම හෙට අනිද්දා  අපේ ගෙවල් තියන කන්ද මුදුනේ තියන කැලේ මැදින් ගිහින් පට්ටිපොළට යමුද කියල. මන් කලින් පාරක් ගිහින් තිබුනට පට්ටිපොළ ලඟට මිසක් පට්ටිපොලටම ගිහින් තිබුණ නෑ. එදා වෙනකොට ගබ්බට නයකත්ව පුහුණුවට (සමහර අයනම් මේකට කියන්නේ රජයෙන් නීත්‍යනුකුලව ලබාදෙන රැග් එක කියලනේ එත් ගොඩක් අයනම් කියන්නේ ඉතින් එක මාරම හොඳයි කියලනේ මං නම් දන් නෑ ඕඕං ජනතාව කියනදේවල් තමයි මම කිව්වේ මොකද ඇත්ත නැත්ත දන ගන්න මම ගිහින් නෑනේ) යන්න දවස් 4 තිබුනේ. ඒ නිසා යනවනම් හෙට යමු කියල කිව්වා.

තව කීපදෙනෙක් සම්බන්ධ කරගන්නත් එක්ක ලගපාත දන්න කියන හැමෝටම වගේ කෝල් කරලා 5ක් විතර වැඩේට සෙට් කරගත්ත කියමුකො. 5 දෙනා පහුවදා උදේ වෙනකොට 3 දෙනා උනා. අන්තිමට උදේ බස් එක ගේ ගාවට එනකොට මමයි ගබ්බයි විතරයි. 3 දෙනෙකුට හදල තිබුන බත් පාර්සල් 3 ත් අරගෙන 8.45 ට විතර තමයි අපි අපේ ගමන පටන් ගත්තෙ. 

කොහොම කොහොම හරි කන්ද මුදුනට යන්න විතරක් 450- 500m විතර සිරස් උසක් තියනව මන් හිතන්නේ. ඒ 500m සිරස් උස යන්න 10-15Km කන්ද උඩට ඇවිදින්න ඕනෙ. මටනම් කඳු නගිඅන 1 ලේසි වැඩක් නෙවේ මොකද ස්කන්ධය ටිකක් විතර වැඩියිනෙ (යාළුවාට සාපේක්‍ෂව). ඒ වගේම යන්න තියන මාර්ගයත් ලේසි 1ක් නෙවේ අඩිපාරක්වත් නැති ඝන කැළේ මැදින් පාරවල් හදාගෙන ඕන යන්න. මේ වෙලාවේ ඇතටම GPS හොයා ගත්ත කෙනාවයි SONY XPERIA කොම්පැණියයි සාධරයෙන් හා ගෞරවයෙන් මටහක් කරන්නම ඕනෙ මොකද GPS තියන ෆෝන් නොතිබුනානම් අපිට ඉතින් ආණ පුතේ අර පැත්තෙ තමයි පට්ටිපොළ තියෙන්න ඕනෙ කියල ආපහු එන්න තමයි වෙන්නේ මීට හරියටම අවුරුදු 2කට කලින් උනා වගේ (දන්නෝ දන්ති).



වැලිමඩ සානුව



යන්න තියන පාර කොච්චර අමාරු උනත් ඒ වගේම ලස්සන තැන් ගොඩකුත් කැළේ මැද්දේ තියනව. උදාහරණයක් විදියට ලස්සන පුංචි පුංචි දිය පාරවල් පාසි බැඳිලා කොළපාට වෙලා තියන ගල්,ගස් තව වැලිමඩ සානුව ගොඩක්ම ලස්සනට පෙන තැනත් හම්බවෙනව ඒ වගේ දේවල් ඒ වගේම නොනැවතී ඇහෙන කුරුල්ලන්ගේ මිහිරි සද්දේ. ඒ අත්දැකීම විඳගන්න ඉතින් යන්නම ඕනෙ. කෙළේ මැද්දේ යද්දී මතක් වෙන්නේ අපි පොඩිකාලේ අසාවෙන් බලපු පුන්චිවීරයෝ කියන කතා මාලාව. 





ලගකදී වැස්සක් ආවෙ නැති එක වගේම කැළේ මැද්දේ කන්ද උඩට සත්තුවත් නොගියපු නිසාද කොහෙද මතුපිට පස් තට්ටුව හොඳටම ලිස්සනසුළුයි. කලින් වතාවේ ලිස්සන නිසාම කෙලින්ම කන්ද උඩට යන නැතුව වටෙන් ගියේ මතක විදියට. බොහොම අමාරුවෙන් ආසාව නිසාම අසියක් උඩට ගියපුවහම අඩි 4-5 ක් ම පල්ලෙහට ලිස්සන් එන කන්ද හෙලේ ගස්,වැල් හ කැලෙන් හොයාගත්තු හැරමිටි ආධාරයෙන් කන්ද උඩට නැගගත්තා කියමුකො. ආ ඒ අස්සේ පොළගෙකුත් අපිට හායි පාරක් දාන්න අමතක කරේ නෑ.

කන්ද මුදුනට ටිකක් පල්ලෙහායින් පුංචි ඇළක් යනවා( මේ අලෙ වතුර මාර පිරිසිදුයි වගේම අයිස් වගේ සීතලයි. කලින් වතාවේ මේ ඇළට අපු නිසා මං දන්නෙත් නැත්නම් කොහේ කියල දැනගන්නද) ඒ ඇළ බොහොම අමාරුවෙන් හොයාගෙන ඒ ඇළ දිගේ ගිය පට්ටිපොළට යන්න පුළුවන් වෙඉ කියල දුක කියන්නේ කලින් පාර වගේම මේ පාරත් ඒ උත්සාහය ව්‍යර්ථ උනා.

GPS වලින් පෙන්නපු විදියට ලඟපාත අඩිපාරක් තියෙන්න ඕනෙ උනත් අපිට එහෙම අඩිපාරක් හම්බුනේ නෑ. එකේ විදියට පොඩි තැනිතලාවක් තියනව ගස් නැති අන්තිමට ඇවිදලා ඇවිදලා දනගාල බඩගාල එක හොයා ගත්ත. ඊටපස්සේ ඒ කියන අඩිපාරනම් පෙන්න තිබුණ නෑ ඒ තියනව කියන දිහාට කැලේ කඩාගෙන අමාරුවෙන් 100m විතර ගියාට පස්සේ අඩිපාරක් දෙයියනේ කියල හම්බඋනා  ඒ වෙලාවේ දැනිච්ච සතුට වචන වලින් කියන්න බෑ. කොහොමහරි එක දිගේ 2Km විතර ගියාම වගුරක් වගේ තැනක් තිබුන GPS වලින් පෙන්නන පාර ඒ අහලකින්වත් යන නැති නිසා තව පාරක් තියනවද කියල හොයා හොයා අර පාර දිගේම අය 1 Km විතර ගියත් තවපරක් හම්බවුන් නැති නිසා ය ඒ පාරේම යන්න සිද්ධඋනා එකනම් ඉතින් කරුමෙද මන්ද. අර කලින් කියපු වගුර මැදින් අඩිපාරක් තිබිල කියල පස්සේ තමා දැක්කෙ කට කියන්නද ඉතින් මේ අවනඩුව නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන්නෙ ඕකට වෙන්න ඇති මං හිතන්නෙ. 

(කාල බීල සිරස එකේ යන Mausam චිත්‍රපටියෙනුත් ටිකක් විතර බලල ඔක්කොම බලන්න විදියක් නෑනේ පියානොට ප්‍රවෘත්ති බලන්න ඔනෙලුනේ, මං ආය ලියන්නයි යන්නෙ) 

කොහොම කොහොම හරි GPS හ කකුල් වල පිහිටෙන් කකුල් 2ට වැඳ වැඳ Iodex වල හා හැරමිට්ටේ උදව්වෙන් අන්තිමට පට්ටිපොළ ස්ටේෂමට 1.45 වෙද්දී කරදරයක් අතුරු අභාදයක් නැතුව ලඟාඋනා (කන්ද නැග්ගම හැරමිටිය අමතක වෙන කතාව අපිටත් ඒ විදියටම වලංගු උන නෙවේ අපි හිතලම හැරමිටි දාල ආව අරන් එන්න බැරි නිසා මොකද පොලිසියේ බාප්පා කෙනෙක්වත් දැක්කනම් බරපතල වැඩ නැතුව පය 24කට කුදලන් ගිහින් කුඩුවේ දැම්මොත් කියල). කරගහගෙන ගියපු බත් පාර්සල් 2කක් බුක්තිවිඳල ආපහු පයින් එන්න තරම් පණක් නැති නිසා බස් එකක එන්නම් කියල බලන් ඉද්දි අපේ වාසනාවට 3 ට යන බස් එක තිබ්බේ නෑ අපි නැග්ගොත් ලයිට් කණුවෙත් දෙබලක් කියන්නේ නිකන් නෙවේනෙ අනිත් බස් 1 4 ට කියපු නිසා අපි අඹේවෙලට රේල් පාර දිගේ ගෑටුව ඒ අතර මගදී අකරතැබ්බ 2 කටත් අපි දෙන්නට මුණ දෙන්න සිද්ධ උනා ගහෙන් වැටිච්ච මිනිහටමනෙ ගොනත් අනින්නෙ.

4.10 ට එනවා කියපු බස් එක අන්තිමට ආවෙ 5 ට. බැඳ ගත්හනම් බෙරේ ගහපන් පුතේ කිව්වලු. CTB බස්රථයේ රියදුරු මහතාට පින් සිද්ධ වෙන්න 5.30 වෙද්දී නුවරඑළිය නගරයට යාන්තම් සේන්දු උනා.....

මෙහි ඇති ගුණ දොස් විචාරය කරන මෙන් වැරදිලාවත් මේක කියවපු ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් දැනට ඇති මේ ගමනේදී දකින්නට ලැබුණු සෝචනීය දේවලුත් නැත්තේම නොවේ ඒවත් මං ඉස්සරහට ලියන්නම්කො....

ආයුභෝවන්!!!!!!

කාලෙක ඉඳල මගෙත් ලොකු ආසාවක් තිබුන blog 1ක් ලියන්න. දැනට අවුරුද්දකට විතර කලින් මම computer programing ඉගෙනගන්න පන්තියකට ගියා එකේදී තමා මම blog 1ක වටිනාකම දැනගත්තේ. කොහොමින් කොහොම හරි A/L නිසා class එකයි ඔක්කොම අතැරිලා ගියා. A/L ඉවර උනාට පස්සේ අයෙමත් අර අදහස මගේ ඔලුවට අවට මට හිතාගන්න බැරිඋනා කොහොමද පටන්ගන්නේ කියල. ඔහොම හිත හිත ඉන්නකොට අද (12 සැප්තැම්බර් 2014) උදේ ඇහැරෙනකොට කුරුල්ලන්ගේ ලස්සන සංගීතේ රසවිඳිමින්  මට පොඩි අයිඩියාවක් ආව මුලින්ම අවුරුදු 21ක ජීවිතේ වෙච්ච තාමත් මතකයේ රැඳිලා තියන ඒ සුන්දර මතකයන් ටිකකින්ම පටන් ගන්න කියල ඒ කිව්වට ඉතින් වැඩිපුර තියෙන්නේ ඉස්කෝල කාලේ මතකයන් තමයි එත් A/L කාලෙ.
මේ තමයි A/L class 1e අපෙ සෙට් 1
 එත් එහෙම හිතුවට ගොඩක් දේවල් පිළිවෙලකට මතක නැ මොකද මගේ ජීවිත කාලේ තවම 1 පාරක්වත් මගේ මොලේ defragment කරලවත් cleanup කරලවත් නැ ඉතින් මතක තියන දේවල් පිළිවෙලකට හදාගන්න 1 තමයි අමාරුම දේ. ඒ වගේම මගේ සිංහල භාවිත කිරීමේ හැකියාව අන්තිම වීමත් ලොකු ප්‍රශ්නයක්.
 ඔන්න ඔහොමයි මගේ blog ලිවිල්ලෙ ආරම්භය සැකෙවින් කිව්වොත්.
හරි එහෙනම් ඔන්න ඔය විදියට මම අද (12 සැප්තැම්බර් 2014) ඉඳල ලියන්න හිතාගෙන නමෝ විත්තියෙන් වැඩේ පටන් ගන්නවා. කවුරු හරි කෙනෙක් වැරදිලා හරි මේක කියෙව්වොත් ගුණ දොස් විචාරය කරන මෙන් ආදරයෙන් ඉල්ලාහිටිනවා.