හා හා පුරා කියල මුලින්ම ලියන්නයි යන්නේ. මුලින් පම්පෝරි ගැහුවට A/L කාලෙ සුන්දර මතක ගැන ලියන්න හිතන් ඉන්නෙ කියල දැන් ලියන්න යන්නේ නම් ඒ කාලේ සිද්දියක් නම් නෙවේ. ඒ උනාට ඒ කාලෙට පොඩි සම්බන්දෙකුත් නත්හෙම නෑ මොකද මේ කතාවේ ඉන්න අනික් ප්‍රධාන චරිතෙ හොඳම ෆිට් එකක් උනේ ඒ කාලෙනෙ. මේක මේ ඊයේ පෙරේද ගියපු පොඩි ගමනක් ගැන. පොඩි කිව්වට ඉතින් එච්චරම පොඩිත් නෑ මොකද මේක දුර අඩු උනාට ගොඩක් භාදක මැද ගියපු නිසාද කොහෙද අමුතුම ගතියක් තියනව.
මේ කතාවේ අනිත් ප්‍රධාන චරිතෙ තමයි ප්‍රභාත් ඒකනායක නොහොත් "ගබ්බා". මගේ class mate ඒ වගේම බෝඩිමේ මගේ රූමා. A/L කාලෙට සම්බන්ධයක් තියනව කියල මුලින් කිව්වේ එකයි.
මග වැනුම් වැඩිද මන්ද. කොහොම හරි 2/9/2014 මනුස්සය අපේ ගෙදර ආව කම්මැලියි කියල. ආවට පස්සේ මං මනුස්සයව එක්කන් පොඩ්ඩක් ඇවිදින්න ගියා ඒ යන ගමන් මන් පොඩි idea 1ක් දැම්ම හෙට අනිද්දා අපේ ගෙවල් තියන කන්ද මුදුනේ තියන කැලේ මැදින් ගිහින් පට්ටිපොළට යමුද කියල. මන් කලින් පාරක් ගිහින් තිබුනට පට්ටිපොළ ලඟට මිසක් පට්ටිපොලටම ගිහින් තිබුණ නෑ. එදා වෙනකොට ගබ්බට නයකත්ව පුහුණුවට (සමහර අයනම් මේකට කියන්නේ රජයෙන් නීත්‍යනුකුලව ලබාදෙන රැග් එක කියලනේ එත් ගොඩක් අයනම් කියන්නේ ඉතින් එක මාරම හොඳයි කියලනේ මං නම් දන් නෑ ඕඕං ජනතාව කියනදේවල් තමයි මම කිව්වේ මොකද ඇත්ත නැත්ත දන ගන්න මම ගිහින් නෑනේ) යන්න දවස් 4 තිබුනේ. ඒ නිසා යනවනම් හෙට යමු කියල කිව්වා.
තව කීපදෙනෙක් සම්බන්ධ කරගන්නත් එක්ක ලගපාත දන්න කියන හැමෝටම වගේ කෝල් කරලා 5ක් විතර වැඩේට සෙට් කරගත්ත කියමුකො. 5 දෙනා පහුවදා උදේ වෙනකොට 3 දෙනා උනා. අන්තිමට උදේ බස් එක ගේ ගාවට එනකොට මමයි ගබ්බයි විතරයි. 3 දෙනෙකුට හදල තිබුන බත් පාර්සල් 3 ත් අරගෙන 8.45 ට විතර තමයි අපි අපේ ගමන පටන් ගත්තෙ.
කොහොම කොහොම හරි කන්ද මුදුනට යන්න විතරක් 450- 500m විතර සිරස් උසක් තියනව මන් හිතන්නේ. ඒ 500m සිරස් උස යන්න 10-15Km කන්ද උඩට ඇවිදින්න ඕනෙ. මටනම් කඳු නගිඅන 1 ලේසි වැඩක් නෙවේ මොකද ස්කන්ධය ටිකක් විතර වැඩියිනෙ (යාළුවාට සාපේක්‍ෂව). ඒ වගේම යන්න තියන මාර්ගයත් ලේසි 1ක් නෙවේ අඩිපාරක්වත් නැති ඝන කැළේ මැදින් පාරවල් හදාගෙන ඕන යන්න. මේ වෙලාවේ ඇතටම GPS හොයා ගත්ත කෙනාවයි SONY XPERIA කොම්පැණියයි සාධරයෙන් හා ගෞරවයෙන් මටහක් කරන්නම ඕනෙ මොකද GPS තියන ෆෝන් නොතිබුනානම් අපිට ඉතින් ආණ පුතේ අර පැත්තෙ තමයි පට්ටිපොළ තියෙන්න ඕනෙ කියල ආපහු එන්න තමයි වෙන්නේ මීට හරියටම අවුරුදු 2කට කලින් උනා වගේ (දන්නෝ දන්ති).
 |
| වැලිමඩ සානුව |
යන්න තියන පාර කොච්චර අමාරු උනත් ඒ වගේම ලස්සන තැන් ගොඩකුත් කැළේ මැද්දේ තියනව. උදාහරණයක් විදියට ලස්සන පුංචි පුංචි දිය පාරවල් පාසි බැඳිලා කොළපාට වෙලා තියන ගල්,ගස් තව වැලිමඩ සානුව ගොඩක්ම ලස්සනට පෙන තැනත් හම්බවෙනව ඒ වගේ දේවල් ඒ වගේම නොනැවතී ඇහෙන කුරුල්ලන්ගේ මිහිරි සද්දේ. ඒ අත්දැකීම විඳගන්න ඉතින් යන්නම ඕනෙ. කෙළේ මැද්දේ යද්දී මතක් වෙන්නේ අපි පොඩිකාලේ අසාවෙන් බලපු පුන්චිවීරයෝ කියන කතා මාලාව.
ලගකදී වැස්සක් ආවෙ නැති එක වගේම කැළේ මැද්දේ කන්ද උඩට සත්තුවත් නොගියපු නිසාද කොහෙද මතුපිට පස් තට්ටුව හොඳටම ලිස්සනසුළුයි. කලින් වතාවේ ලිස්සන නිසාම කෙලින්ම කන්ද උඩට යන නැතුව වටෙන් ගියේ මතක විදියට. බොහොම අමාරුවෙන් ආසාව නිසාම අසියක් උඩට ගියපුවහම අඩි 4-5 ක් ම පල්ලෙහට ලිස්සන් එන කන්ද හෙලේ ගස්,වැල් හ කැලෙන් හොයාගත්තු හැරමිටි ආධාරයෙන් කන්ද උඩට නැගගත්තා කියමුකො. ආ ඒ අස්සේ පොළගෙකුත් අපිට හායි පාරක් දාන්න අමතක කරේ නෑ.
කන්ද මුදුනට ටිකක් පල්ලෙහායින් පුංචි ඇළක් යනවා( මේ අලෙ වතුර මාර පිරිසිදුයි වගේම අයිස් වගේ සීතලයි. කලින් වතාවේ මේ ඇළට අපු නිසා මං දන්නෙත් නැත්නම් කොහේ කියල දැනගන්නද) ඒ ඇළ බොහොම අමාරුවෙන් හොයාගෙන ඒ ඇළ දිගේ ගිය පට්ටිපොළට යන්න පුළුවන් වෙඉ කියල දුක කියන්නේ කලින් පාර වගේම මේ පාරත් ඒ උත්සාහය ව්‍යර්ථ උනා.
GPS වලින් පෙන්නපු විදියට ලඟපාත අඩිපාරක් තියෙන්න ඕනෙ උනත් අපිට එහෙම අඩිපාරක් හම්බුනේ නෑ. එකේ විදියට පොඩි තැනිතලාවක් තියනව ගස් නැති අන්තිමට ඇවිදලා ඇවිදලා දනගාල බඩගාල එක හොයා ගත්ත. ඊටපස්සේ ඒ කියන අඩිපාරනම් පෙන්න තිබුණ නෑ ඒ තියනව කියන දිහාට කැලේ කඩාගෙන අමාරුවෙන් 100m විතර ගියාට පස්සේ අඩිපාරක් දෙයියනේ කියල හම්බඋනා ඒ වෙලාවේ දැනිච්ච සතුට වචන වලින් කියන්න බෑ. කොහොමහරි එක දිගේ 2Km විතර ගියාම වගුරක් වගේ තැනක් තිබුන GPS වලින් පෙන්නන පාර ඒ අහලකින්වත් යන නැති නිසා තව පාරක් තියනවද කියල හොයා හොයා අර පාර දිගේම අය 1 Km විතර ගියත් තවපරක් හම්බවුන් නැති නිසා ය ඒ පාරේම යන්න සිද්ධඋනා එකනම් ඉතින් කරුමෙද මන්ද. අර කලින් කියපු වගුර මැදින් අඩිපාරක් තිබිල කියල පස්සේ තමා දැක්කෙ කට කියන්නද ඉතින් මේ අවනඩුව නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන්නෙ ඕකට වෙන්න ඇති මං හිතන්නෙ.
(කාල බීල සිරස එකේ යන Mausam චිත්‍රපටියෙනුත් ටිකක් විතර බලල ඔක්කොම බලන්න විදියක් නෑනේ පියානොට ප්‍රවෘත්ති බලන්න ඔනෙලුනේ, මං ආය ලියන්නයි යන්නෙ)
කොහොම කොහොම හරි GPS හ කකුල් වල පිහිටෙන් කකුල් 2ට වැඳ වැඳ Iodex වල හා හැරමිට්ටේ උදව්වෙන් අන්තිමට පට්ටිපොළ ස්ටේෂමට 1.45 වෙද්දී කරදරයක් අතුරු අභාදයක් නැතුව ලඟාඋනා (කන්ද නැග්ගම හැරමිටිය අමතක වෙන කතාව අපිටත් ඒ විදියටම වලංගු උන නෙවේ අපි හිතලම හැරමිටි දාල ආව අරන් එන්න බැරි නිසා මොකද පොලිසියේ බාප්පා කෙනෙක්වත් දැක්කනම් බරපතල වැඩ නැතුව පය 24කට කුදලන් ගිහින් කුඩුවේ දැම්මොත් කියල). කරගහගෙන ගියපු බත් පාර්සල් 2කක් බුක්තිවිඳල ආපහු පයින් එන්න තරම් පණක් නැති නිසා බස් එකක එන්නම් කියල බලන් ඉද්දි අපේ වාසනාවට 3 ට යන බස් එක තිබ්බේ නෑ අපි නැග්ගොත් ලයිට් කණුවෙත් දෙබලක් කියන්නේ නිකන් නෙවේනෙ අනිත් බස් 1 4 ට කියපු නිසා අපි අඹේවෙලට රේල් පාර දිගේ ගෑටුව ඒ අතර මගදී අකරතැබ්බ 2 කටත් අපි දෙන්නට මුණ දෙන්න සිද්ධ උනා ගහෙන් වැටිච්ච මිනිහටමනෙ ගොනත් අනින්නෙ.
4.10 ට එනවා කියපු බස් එක අන්තිමට ආවෙ 5 ට. බැඳ ගත්හනම් බෙරේ ගහපන් පුතේ කිව්වලු. CTB බස්රථයේ රියදුරු මහතාට පින් සිද්ධ වෙන්න 5.30 වෙද්දී නුවරඑළිය නගරයට යාන්තම් සේන්දු උනා.....
මෙහි ඇති ගුණ දොස් විචාරය කරන මෙන් වැරදිලාවත් මේක කියවපු ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් දැනට ඇති මේ ගමනේදී දකින්නට ලැබුණු සෝචනීය දේවලුත් නැත්තේම නොවේ ඒවත් මං ඉස්සරහට ලියන්නම්කො....